Friday, September 20, 2024

General line - 0115112241

“පිස්සු නැතිව ඉන්න” – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂට ජනපති දැනුම් දෙයි (UPDATE)




රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ රංග කලංසූරිය මහතා ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත බාර දීමට සුදානම් වූ පුවත සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහට ලක්ව තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග තවත් අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මෙම ස්ථානයේ සිටි බවයි පැවසෙන්නේ.

එහිදී මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ රංග කලංසූරිය මහතා ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී සඳහන් කර ඇත්තේ තමන් සහ අගමැතිවරයා අතර අර්බුධයක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බවයි.

“පිස්සු නැතිව ඉන්න.ඔයාගේ රාජකාරි ඔයා කරගෙන යන්න.මේ අපි දෙන්නයි ඔයාට මේක කියන්නේ “යනුවෙන් ජනාධිපතිවරයා එහිදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ රංග කලංසූරිය මහතාගේ ඉල්ලා අස්වීමේ සුදානම ප්‍රතික්ෂේප කර තිබෙනවා.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂගේ ඉල්ලා අස්වීම ජනපතිට

Jul 26, 2016 @ 14:51

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ රංග කලංසූරිය මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත බාර දීමට සුදානම්ව තිබෙනවා.

එම අවස්ථාවේ දී ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කළ බව වාර්තා වනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එම ස්ථානයේ සිට ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

පසුගිය දා ජනාධිපතිවරයා රංග කලංසූරිය මහතා සම්බන්ධයෙන් නොසතුට පළ කළ බවට වූ මාධ්‍ය වාර්තා හේතුවෙන් මෙලෙස ඉල්ලා අස්වීම බාර දීමට සුදානම් වූ බවයි පැවසෙන්නේ.