Friday, September 20, 2024

General line - 0115112241

නවකවධය ලබාදීමේ සිද්ධියේ අට දෙනාට ඇප




නවකවධය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් 08 දෙනාට අද (26) ඇප නියම වුණා.

ඒ, දින 75 කට පසුවයි.

එහිදී එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් ඇප නියම කිරීමටයි ගම්පහ මහාධිකරණ විනිසුරු කේමා ස්වර්ණාධිපති නියෝග කළේ.

නවකවධයට ලක්වූ බව කියන සිසුවියට කිසියම් හෝ බලපෑමක් කළහොත් වහා ඇප අවලංගු කරන බවද මහාධිකරණ විනිසුරුවරිය මෙහිදී ප‍්‍රකාශ කළා.

මෙලෙස ඇප නියම වූ පිරිසට සිසුවියන් තිදෙනෙකු සහ සිසුන් පස් දෙනෙකු ඇතුළත්.

මේ අතර මෙම සිසුන් හෙට දිනයේ මහර බන්ධනාගාරය හමුවේ පෙනී සිට සිය ඇප කොන්දේසි සම්පූර්ණ කරන තෙක් ඔවුන් තවදුරටත් බන්ධනාගාර නිළධාරීන් භාරයේ පසුවනු ඇති.