Friday, May 17, 2024

General line - 0115112241

නෙත් රේඩියෝව යළිත් සම්මානයට පාත‍්‍ර වෙයි (PHOTOS)




ලංකා ජන සන්නිවේදකයින්ගේ සංගමය විසින් සංවිධාන කළ ‘‘මාස්කො 2018’’ සම්මාන උළලේ දී නෙත් එෆ්. එම්. රේඩියෝව යළිත් සම්මානයට පාත‍්‍ර වුණා. එහිදී සමබර වූ විශිෂ්ට ප‍්‍රවෘත්ති වාර්තාකරණයක් වෙනුවෙන් නෙත් නිවුස් කළමනාකරු හේමන්ත කහවලගේ ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය වෙනුවෙන් මාධ්‍යශූරි රන් සම්මානයෙන් පිදුම් ලැබුවා. 

ප්‍රවෘත්ති වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් නෙත් නිවුස් මීට පෙරද ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබුවා. 

මේ අතර උතුම් බුද්ධදේශ වන්දනා වැඩසටහන් සංවිධාන කරන නෙත් එෆ්. එම්. රේඩියෝවට අනුබද්ධිත ට‍්‍රැවල් නෙත් ආයතනය ද ඊයේ (04) පැවති ‘‘මාස්කො 2018’’ සම්මාන උළලේදී සම්මානයට පාත‍්‍ර වුණා. එහිදී ට‍්‍රැවල් නෙත් අධ්‍යක්‍ෂ සුරංග රංජිත් ව්‍යාපාරික අංශය වෙනුවෙන් පිදෙන රන් සම්මානය හිමිකර ගත්තා. 

 

‘‘මාස්කො 2018’’ මෙම සම්මාන උළෙල ඊයේ (04) රාත‍්‍රියේ පැවැත්වුණේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්.