Friday, September 20, 2024

General line - 0115112241

පාගමනට ‘ගැහුවොත්’ සුදානම්




ඒකාබද්ධ විපක්ෂය මහනුවර සිට පැවැත්වීමට නියමිත පාගමනේ පැමිණෙන පිරිස සඳහා ප්‍රහාරයක් එල්ල කළහොත් ඊට මුහුණදීමට සුදානම් බව ශ්‍රී ලංකා මහජන පක්ෂය පවසනවා.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ උප සභාපති සමීර සේනානායක සඳහන් කළේ සියලු අභියෝග පරාජය කිරීම සඳහා තරුණ පරපුරට මෙම පාගමන සඳහා පැමිණෙන ලෙස ආරාධනා කරන බවයි.

වත්මන් රජය ප්‍රහාර එල්ල කරන බව පවසමින් පාගමන නැවත්වීමට උත්සාහ දරන බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා මහජන පක්ෂය ආරම්භ කරන ලද්දේ දිවංගත විජය කුමාරතුංග මහතායි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සමාජ ජාල වෙබ් අඩවි පිළිබඳව කටයුතු කරන ප්‍රධාන පුද්ගලයෙක්ගේ ෆේස්බුක් ගිණුම මගින් “උන්ගේ ආණ්ඩු කාලේ අලි මෙහෙමයි” යනුවෙන් වීඩියෝවක් අද ෆේස්බුක් වෙත එක්කරමින් යළිත් පාගමන පිළිබඳව සිය විරෝධය දක්වා තිබෙනවා.