Saturday, May 4, 2024

General line - 0115112241

TVS මෝටර් සමාගම TVS NTORQ 125 ස්මාර්ට් ස්කූටරය මෙරටට හඳුන්වාදෙයි




යතුරුපැදි සහ ත්‍රිරෝද රථ නිෂ්පාදනයේ ලොව කීර්තිමත් නාමයක්වන TVS මෝටර් සමාගම, සිය නවතම TVS NTORQ 125 ස්කූටරය පසුගියදා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබුවා. 

TVS යතුරුපැදි සඳහා ම ගොඩනගන ලද TVS SmartXonnect තාක්ෂණයෙන් යුතුව වෙළඳපලට පිවිසෙන මෙම ස්කූටරය මෙරට ප්‍රථම සම්බන්ධක ස්කූටරය වේ. 

තාරුණ්‍ය ඉලක්කර ගනිමින් නිර්මාණය කර ඇති TVS NTORQ 125 ස්කූටරය, නවීන තාක්ෂණයේ නිමවා ඇති CVTi-REVV 3 වෑල්ව් එන්ජිමකින් ද සමන්විත වේ. 

"පාරිභෝගිකයන්ගේ අපේක්ෂාවන් සාක්ෂාත් කළ හැකි නිෂ්පාදන වෙළඳපලට හඳුන්වාදීම සඳහා TVS මෝටර් සමාගම සෑම විටම කැපවෙනවා. TVS NTORQ 125 ස්කූටරය හඳුන්වාදීමත් සමග ශ්‍රී ලංකාවේ තරුණ ස්කූටර් පාරිභෝගිකයන්හට විශේෂාංග රැසකින් පොහොසත් ආකර්ෂණීය නිෂ්පාදනයක් දායාද කිරීමට අපට හැකිවී තිබෙනවා. TVS SmartXonnect ඇතුළු මෙම වර්ගය සඳහා ප්‍රථම වරට හඳුන්වාදෙන ලද විශේෂාංග 30ක් සමගින් එන මෙම ස්කූටරය ශ්‍රී ලංකාවේ ස්කූටර් වෙළඳපල තුළ පෙරළිකාර වෙනසක් ඇතිකරන බව අපගේ විශ්වාසයයි" යනුවෙන් TVS මෝටර් සමාගමේ ජාත්‍යන්තර ව්‍යාපාර අංශයේ ජේෂ්ඨ උප සභාපති ආර්. දිලිප් මෙහිදී සඳහන් කර සිටියා.

නවතම TVS NTORQ 125 ස්කූටරය ජනගත කිරීමේ උළෙලේදී අදහස් පළ කරමින් TVS Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ සඳහන් කළේ, TVS මෝටර් සමාගමේ සුවිශේෂී නිෂ්පාදන පෙළට අලුතින් ම එක්වූ TVS NTORQ 125 ස්කූටරය මෙරට ජනතාවට හඳුන්වාදීමට හැකිවීම පිළිබඳ තමන් බෙහෙවින් සතුටුවන බවය. " සීග්‍රයෙන් වර්ධනයවන මෙරට ස්කූටර් වෙළඳපල තුළ තරුණ පාරිභෝගිකයන් දැවැන්ත කාර්යභාරයක් ඉටුකරනවා. 125cc එන්ජින් ධාරිතාවකින් එන මෙම ස්කූටරය දැකුම්කළු නිමාව, ස්මාර්ට් තාක්ෂණය සහ විශිෂ්ට කාර්යසාධනය ඇතුළු තරුණ ප්‍රජාව අපේක්ෂා කරන සියලු ම අංගවලින් සමන්විත වීම විශේෂත්වයක්" බව හෙතෙම සදහන් කර සිටියා.

දිවා ධාවන ලාම්පු (DRL) සමගින් එන මෙම ස්කූටරය මෙටැලික් බ්ලූ, මෙටැලික් ග්රේ , මැට් රෙඩ් සහ මැට් ග්රීමන් යන වර්ණවලින් මිලදී ගත හැකිය.