Friday, September 20, 2024

General line - 0115112241

කුඩා නැගණියව දුෂණය කළ ‘දෙසොහොයුරන් ‘ දුරකථනයෙන් හසු වේ




තම කුඩා නැගණියව විටින් විට දුෂණය කළ සොහොයුරන් දෙදෙනෙක් හබරාදූව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දහසය හැවිරිදි නැගණියගේ පෙම්වතා විසින් සිය දුරකතනයෙන් පටිගත කරන ලද ඇගේ හඬ පටයක් පොලිසියට ලබා දීම නිසා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව හබරාදූව පොලිසියේ ප්‍රකාශකයෙක් nethnews.lk වෙත සඳහන් කළා.

තම සොහොයුරන් කලක සිට තමන්ට අතවර කරන බව මෙම සිසුවිය සිය පෙම්වතාට දැනුම් දී ඇති අතර එම අවස්ථාවේ ඔහු එය සිය දුරකතනයෙන් පටිගත කර තිබෙනවා.
පසුව ඔහු පෙම්වතියව හැරගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

හැර ගිය පෙම්වතාව සොයා දෙන ලෙස සිසුවිය පොලිසියට කළ දැනුම් දීමකට අනුව පැමිණ ඇති පෙම්වතා මෙම හඬපටය පොලිසියට ලබා දී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සොහොයුරන් දෙදෙනා අගෝස්තු මස 10වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.