Friday, September 20, 2024

General line - 0115112241

” සත්‍ය කියන්න අවස්ථාව දෙන්න” – අස්වීමේ සුදානම ගැන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ කතා කරයි




රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ රංග කලංසූරිය මහතා තමන් ඉල්ලා අස්වීමට සුදනම් වීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් සිය ෆේස්බුක් ගිණුමට නිවේදනයක් එක්කර තිබෙනවා.

එමගින් ඔහු සඳහන් කර ඇත්තේ පවතින තත්ත්වය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කළ බවයි.

රංග කලංසූරිය මහතාගේ කරුණු පැහැදිලි කිරීම පහතින් දැක්වෙනවා.

“රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයෙන් මගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය සහ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රවෘත්ති පළ වෙනවා. මට අවස්ථාවක් දෙන්න ඒ ගැන සත්‍ය කියන්නට. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා දැක්වූ ප්‍රතිචාර කියා ඇතැම් මාධ්‍ය විවිධ වාර්තා පළ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. පවතින තත්ත්වය ගැන අපි ගැඹුරින් සාකච්ඡා කළා. කොහොම වුණත් මට මගේ අදහස ඉවත් කරගන්න වුණා ජනාධිපති සහ අගමැතිගේ කරුණු පැහැදිළි කිරීම් මත. ඔවුන්ට අවශ්‍ය වුණේ මගේ රාජකාරිය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමයි.”

Capture