Friday, September 20, 2024

General line - 0115112241

ගීතාට මන්ත්‍රීකම දරනු බෑ – අභියාචනාධිකරණයට දැනුම් දීමක්




පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ද්විත්ව පුරවැසි තත්ත්වය ඉවත් කර ගැනීමට ස්විට්සර්ලන්තයෙන් ඉල්ලා සිටියද පුරවැසිබව ඉවත් කළ බවක් එරටින් සනාථ කර නොමැති බව නීතිඥ ජේ.‍සී. වැලිඅමුණ මහතා අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 හා 91 වගන්ති පරිදි ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරක් දැරිය නොහැකි බවයි ජේ.සී. වැලිඅමුණ මහතා අභියාචනාධිකරණය වෙත සඳහන් කර ඇත්තේ.

ඇය එම තනතුරේ කටයුතු කිරීම වළකාලන රිට් ආඥාවක් ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම ඊයේ (26) කැඳ වූ අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ හා අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් හමුවේ මෙම රිට් පෙත්සම කැඳවනු ලැබුවා.