ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඊයේ(26) ටෙස්ට් වරම් දිනා ගත් ධනංජය ද සිල්වා ක්‍රිකට් වාර්තා පොතට එක්ව තිබෙනවා.
ඒ සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී හයේ පහරකින් ලකුණු ලබා ගැනීම අරඹන ලද පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසයි.
එවැනි දක්ෂතාවක් දැක්වූ ලොව නව වන පිතිකරුවා වන්නේ ද ඔහුයි.
24 හැවිරිදි ධනංජය ද සිල්වා දෙබරවැව මැදි විදුහලෙන් කොළඹ මහානාම විදුහලෙන් සහ ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් අධ්‍යාපනය ලබා තිබෙනවා.