Tuesday, April 30, 2024

General line - 0115112241

කඳානේ වෙඩි ප්‍රහාරයට ගොදුරුවූ කාන්තාව ජිවිතක්ෂයට




කඳාන වැලිගම්පිටිය ප‍්‍රදේශයේ අද සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද දහවල් සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ 40 හැවිරිදි ජා ඇළ ප‍්‍රදේශයේ පදිංචිකාරියක්. වෙඩි තැබීමෙන් පසු පැමිණි පිරිස පළා ගොස් තිබුණා. වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව රාගම රෝහලට ඇතුළත් කිරිමෙන් පසු අද පස්වරුයේ ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය පැවසුවේ. 

නෙත් නිවුස් කළ වැඩිදුර සොයා බැලීමකදී හෙළිවුණේ මෙම වෙඩි ප‍්‍රහාරයේ ඉලක්කය වෙනත් පුද්ගලයෙකු විය හැකි බවටයි. ඊට හේතු වී තිබුණේ පාතාල සාමාජිකයෙකු බවට පැවසෙන වැලිපොඞ්ඩා නමැත්තා අත්සන් තැබීම සඳහා අද දිනයේ ජා ඇළ පොලීසියට පැමිණ සිටි බැවින්. ඔහු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමක ප‍්‍රතිඵලයක් ලෙස වැරදීමකින් මෙම කාන්තාවට වෙඩි වදින්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. කෙසේවෙතත් වෙඩි තැබීම සිදු කළ කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. 
 

.................................................................

කඳානේ වෙඩි තැබීමක්

(30-09-2018 12:51)

කඳාන වැලිගම්පිටිය හන්දියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි තැබීමෙන් කාන්තාවකට තුවාල සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

තුවාල ලැබූ කාන්තාව රාගම රෝහලට ඇතුළත් කර ඇති බවද සඳහන්.