Tuesday, April 30, 2024

General line - 0115112241

ෆේස්බුක් හි පැතිරෙන මීරිගම සිද්ධියේ ඇත්ත කතාව මෙන්න (VIDEO)

දිනුක් හේවාවිතාරණ




මීරිගම දුම්රිය ස්ථානයේ රැඳී සිටින මහලු යුවලකට දුම්රිය සේවකයින් කිහිප දෙනෙක් හිරිහැර කරන අයුරු රැගත් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වේගයෙන් හුවමාරු වෙමින් පවතිනවා.

එම වීඩියෝවේ දැක්වෙන පරිදි මීරිගම දුම්රිය ස්ථානයේ රැදී සිටින මහලු යුවලට දුම්රිය සේවකයින් දෙදෙනෙක් පහර දෙන අයුරු සහ ඔවුන් එම ස්ථානයෙන් එළවා දැමීමට උත්සහ කරන අයුරු සටහන්ව තිබෙනවා.

සත්‍ය වශයෙන්ම මීරිගම දුම්රිය ස්ථානයේ සිදුවුයේ කුමක්ද යන්න පිලිබඳව nethnews.lk අප එම දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු ගෙන් විමසා සිටියා.

" මෙම මහලු පිරිමි පුද්ගලයා සහ කාන්තාව යාචාකයින් දෙදෙනෙක්. ඊයේ (29) දිනයේදී මේ දෙන්නා කුමක් හෝ සිදුවීමක් නිසා රණ්ඩු කර ගන්න පටන් ගත්තා. ටික වෙලාවක් ගියා. දෙදෙනාම අසභ්‍ය වචන වලින් මහ හයියෙන් කෑගහන්න පටන් ගත්තා. ඔය සිදුවීම වෙන වෙලාවේ දුම්රිය ස්ථානයේ මගින් රැඳී සිටියා. පස්සේ අපේ නිලධාරින් කිහිපදෙනෙක් එම ස්ථානයට ගිහින් මේ යාචකයින් දෙදෙනාව දුම්රිය ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සහ කළ අවස්ථාවේදී ඔවුනේ එම නිලධාරීන්ට බැනලා කලහකාරී ලෙස හැසිරෙන්න පටන් ගත්තේ. නමුත් මේ සිදුවීම කවුරුන් හෝ වීඩියෝ කරලා සමාජ මාධ්‍ය ජාල වලට දාලා තියෙනවා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් අසරණ මහලු යුවලකට හිරිහැර කරනවා කියලා. නමුත් උනේ වෙන දෙයක්" යැයි එම නිලධාරියා ප්‍රකාශ කර සිටියා.

(මෙහි පහත දැක්වෙන්නේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හුවමාරුවන එම වීඩියෝවයි. මෙම සිදුවීම රූගත කල පුද්ගලයා සම්බන්ධ කර ගැනීමට nethnews.lk අප උත්සහ කලත් එය මෙතෙක් සාර්ථක වුයේ නැහැ.)