Friday, September 20, 2024

General line - 0115112241

ආයුධ ඇති පුද්ගලයින් කතරගම දෙවොල් බිමේ




කතරගම පුදබිමේ තියුණු ආයුධ ඇති පුද්ගලයින් රැසක් සැරි සරමින් සිටින බව වාර්තා වනවා.

nethnews.lk අප වාර්තාකරු සඳහන් කළේ මෙම පුද්ගලයන් මානසික අබාධ ඇති පුද්ගලයන් බවයි.

මෙම පුද්ගලයින් සතුව තියුණු කේටේරි, ති‍්‍රසුල, වේළායුධ සහ වෙඩි බෙහෙත් දමා සකසා ඇති බට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පුද්ගලයින් ආයුධ වලින් ආරක්‍ෂක අංශවල අයට ද පහර දීමට සුදානම් වන බව දේවාලයේ ආරක්‍ෂක අංශ සාමාජිකයන් ද පවසනවා.