Thursday, May 9, 2024

General line - 0115112241

ගාල්ලට මිලිමීටර් 300 ඉක්මවූ තද වැස්සක්




ගත වූ පැය 24 වැඩිම වර්ෂාපතනය ගාල්ල පෝද්දිවෙල ප‍්‍රදේශයෙන් වාර්තා වනවා. එහි අගය මිලිමීටර් 334.1ක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ මේ වනවිට පවතින වැසි තත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි.

වැසි හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුවෙන් අධිවේගී මාර්ගයට ඇතුළුවීම සහ ඉන් පිටවීම තාවකාලිකව නතර කිරීමට ද පියවර ගැණුනා.