Thursday, May 9, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව රැක ගන්න හමුදාව සිදුකළ මෙහෙයුම (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




ඊයේ (06) දිනය පුරාවට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දියවන්නා ඔයේ ජල යාම නිසා පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතිවීමට ගිය හදිසි ගංවතුර තත්ත්වයක් වලක්වා ගැනීමට යුධ හමුදා සෙබළුන් අද (07) අලුයම් කාලයේ සිට මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

හමුදා නිලධාරින් තිදෙනෙකු ඇතුළු හමුදා සෙබළුන් 63 දෙනෙකුගේ දායකත්වයෙන් දියවන්නා ඔයේ සිට පාර්ලිමේන්තු පරිශ්‍රය තුලට ජලය ඇතුල්වීම වලක්වාලීම සදහා වැලි කොට්ට යොදා බාධකයක් තැනීමට හමුදා සෙබළුන් කටයුතු කර ඇති බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සදහන් කර සිටියේ.

මිට අමතරව ගාල්ල සහ කළුතර ප්‍රදේශයන් හි හදිසි ආපදා සදහා සහය දැක්වීමට හමුදා සෙබළුන් 200ක්, බෝට්ටු 6ක් සහ සන්නද්ධ රථ 03ක් යොදවා ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියා.