Thursday, May 9, 2024

General line - 0115112241

බදුල්ල, කෑගල්ල සහ ගාල්ලට නායයාම් අනතුරු ඇඟවීම්

තරංග රුක්ෂාන් ජයසේකර/සජිත් තිලකරත්න




පවතින වැසි සහිත කාලගුණික තත්වයත් සමඟ දිස්ත‍්‍රික්ක කිහිපයකට පැන වූ නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙනවා. බදුල්ල, කෑගල්ල හා ගාල්ල එම දිස්ත‍්‍රික්කයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ ගත වූ පැය 24 වර්ෂාපතනය මිලිමීටර් 75 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතින්නේ නම් නායයාම්, කණ්ඩි කඩා වැටීම් සහ ගිලා බැසීම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි. 

නායයාම් ලක්ෂණ දුටු වහාම එම ප‍්‍රදේශවලින් ඉවත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද ජනතාවට දැනුම් දෙනවා. මේ, එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි.
 

නායයාම් රතු නිවේදන පිළිබඳව ද මෙහිදී පැහැදිලි කෙරුණා. 

කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංඟා මෙන්ම අත්තනගලූ ඔයේ ජල මට්ටම පිළිබඳව ද තවදුරටත් අවධානයෙන් පසුවන ලෙසටයි මෙහිදී දැනුම් දුන්නේ. වැසි තත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කළා.