Thursday, May 9, 2024

General line - 0115112241

ලාංකීය වෛද්‍යවරියක් අධ්‍යක්ෂ ධූරය දරන අමෙරිකාවේ රෝහලක් සෑම අංශයෙන්ම හොඳම රෝහල වෙයි




ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් අධ්‍යක්ෂධූරය දරණ රොක් හිල්හි Encompass Health සෞඛ්‍ය පුනරුත්ථාපන රෝහලට යළිත් වරක් ඉහළම ජයග්‍රහණයක් අත්කර ගැනීමට හැකිවී තිබෙනවා. මීට පෙර රොක් හිල්හි හෙල්ත් සවුත් සෞඛ්‍ය පුනරුත්ථාපන රෝහල ලෙස පැවැති මෙම රෝහල තවදුරටත් වැඩි දියුණු වෙමින් මේ වන විට රොක් හිල්හි Encompass Health සෞඛ්‍ය පුනරුත්ථාපන රෝහල ලෙස සිය නාමය අමෙරිකාව පුරා ව්‍යාප්ත කරමින් සිටිනවා.

අමෙරිකා එක්සත් ජනපදය පුරා රෝහල් අතර සිදුකෙරෙන මෙම තරගාවලියේදී තෙවන වරටත් සෑම අංශයෙන්ම හොඳම රෝහල බවට මෙවරත් තේරී පත්ව ඇත්තේ මෙම රෝහලයි.

ඊට අමතරව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් සුවකර පිටකර යවා ඇති රෝහල බවට තේරී පත්ව ඇත්තේද මෙම රෝහල වීම විශේෂත්වයක්. 

රෝහල් පරිපාලනයේ ඇති දක්ෂතාවයත් කාර්යමණ්ඩලයේ ඇති කැපවීමත් සහ රෝහල තුල ඇති පහසුකමුත් නිසා   රොක් හිල්හි Encompass Health සෞඛ්‍ය පුනරුත්ථාපන රෝහලට මෙම ජයග්‍රහණ හිමිව තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයේදී මෙම සාර්ථකත්වය ලබාගැනීම සඳහා රෝහලක් විවිධ කාණ්ඩවලින් සාර්ථකත්වයට පත් විය යුතුයි. රෝගී තෘප්තිය එහි ප්‍රධානම අංගයක්. ඔවුන්ට ලබා දෙන රැකවරණය, වෛද්‍යවරුන් සමඟ සහසම්බන්ධතාවය හා තවත් අංශ ගණනාවක් පිළිබඳව ඔවුන්ගෙන් මෙම සමීක්ෂණයේදී විමසනු ලබනවා.

ශ්‍රී ලාංකික වෛද්‍යවරියක වන මාලිකා ජයසූරියගේ මෙහෙයවීම සහ උපදෙස් යටතේ සෞඛ්‍ය සම්පන්න රෝහලක් බවට රොක් හිල් නාමය පත්කොට රෝගීන්ගේ ඉහළ මට්ටමේ ප්‍රතිචාර මත ජයග්‍රහණය ලබා ගැනීම මෙහි විශේෂත්වයයි. ඇය පේරාදෙණිය සහ රුහුණ වෛද්‍ය පීඨයන්ගෙන් බිහිවූ වෛද්‍යවරියකි. කොළඹ ජාතික රෝහලේ, ගාල්ල මහා රෝහලේ සහ මහනුවර මහ රෝහලේ වෛද්‍යවරියක ලෙසද ඇය සේවයකොට තිබෙනවා.