Thursday, May 9, 2024

General line - 0115112241

කැලිකසල වෙනුවෙන් කොළඹ මහ නගර සභාව මිලියන 100ක් ගෙවයි




තම බල ප‍්‍රදේශය තුළින් බැහැර කෙරෙන කැලි කසල භාර ගැනීම වෙනුවෙන් කොළඹ මහ නගර සභාව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත රුපියල් මිලියන 100ක් ගෙවා තිබෙනවා. කොළඹ මහ නගර සභාව විසින් බැහැර කෙරෙන කැලි කසල රැගෙන යන්නේ කෙරවලපිටිය කසල අංගනයටයි.

එහි කැලි කසල බැහැර කිරීම වෙනුවෙන් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මුදල් අය කරනවා. එහෙත්, ඉකුත් ජූලි මාසයේ සිට මේ දක්වා ඔවුන්ට ගෙවිය යුතු වූ රුපියල් මිලියන 207ක් කොළඹ මහ නගර සභාව විසින් ගෙවා නොතිබුණු බවයි මීට පෙර වාර්තා වුණේ. ඒ අනුව කෙරවලපිටිය කසල අංගනය වෙත තවදුරටත් කැලි කසල භාර ගැනීම ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ඉකුත් සෙනසුරාදා සිට තාවකාලිකව නතර කිරීමටද පියවර ගත්තා.

ගෙවිය යුතු මුදලින් රුපියල් මිලියන 100ක් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත ගෙවීමට කොළඹ මහ නගර සභාව පියවර ගෙන ඇත්තේ ඉන් පසුවයි.