Thursday, May 9, 2024

General line - 0115112241

ජනබලය දා බෙදු කිරිපැකට් වල වස නැහැ-නියෝජ්‍ය ඇමති

පාලිත ආරියවංශ - බදුල්ල




ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කෙරුණු ‘‘ජනබලය කොළඹට’’ විරෝධතා රැළියට සහභාගීවූවන්ට ලබා දුන් කිරි පැකට්වල වස මුසු වී තිබුණු බවට කෙරුණු චෝදනා අසත්‍යයක් බව විමර්ශන වලින් තහවුරු වී ඇතැයි නීිතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා. ඔහු ඒ බව පැවසුවේ බදුල්ලේදී අද (08) මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පවසන්නේ අදාළ කිරි පැකට් සයිනයිඞ්, ලෝහමය වස, පලිබෝධ නාශක වස සහ ඖෂධ යන රසායනික ද්‍රව්‍ය සඳහා පරික්ෂාවට ලක් කර ඇති බවයි. එම කිසිඳු වස වර්ගයක් එම කිරි පැකට්වල අඩංගු නොවූ බව ද පරික්ෂාවට ඉදිරිපත් කෙරුණු කිරි පැකට්ටුව විවෘත කර හෝ නොතිබුණු බවද රස පරික්ෂණ වාර්තාවේ සඳහන් වන බව පොලීසිය වැඩිදුරටත් පැවසුවා.