Thursday, May 9, 2024

General line - 0115112241

භාරකාර ආණ්ඩුව ගැන එජාපය බිය වන්නේ නැහැ - මන්ත්‍රි තුෂාර ඉඳුනිල්




භාරකාර හෝ සභාග ආණ්ඩුවක් පිහිටුවා වත්මන් ආණ්ඩුව පෙරළා දැමීම සම්බන්ධයෙන් පළ වන අදහස් වලට එත්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අදත් ප‍්‍රතිචාර දැක්වුවා. මේ, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඊට ප‍්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර තුෂාර ඉඳුනිල්.

මොන ආකාරයේ බාධක තිබුනත් මේ ආණ්ඩුව ඉදිරියට යනවා. ජනාධිපතිවරයා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව සභාග ආණ්ඩුවකට යනවානම් පාර්ලිමේන්තුවේ දැනට මන්ත්‍රීධුර 106ක් තිබෙන එක්සත් ජාතික පක්ෂය ඒ ගැන කිසිසේත්ම සැලෙන්නේ නැති බව මෙහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර තුෂාර ඉඳුනිල් ඒ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂය අද (08) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි.

මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මීට ප‍්‍රතිචාර දැක්වුවා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ බදුල්ල දිස්ති‍්‍රක් සම්මේලනය අමතමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එම අදහස් පළ කළා.