Thursday, May 9, 2024

General line - 0115112241

එස්බී ගෙන් කරුණු පැහැදිලි කිරීමක්

හේමන්ත කහවලගේ




ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සිය නිවසේදී කිසිඳු සාකච්ඡුාවක් නොපැවැත්වුණු බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර එස් බී දිසානායක පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර ඔහුගේ නිවසේදී සාකච්ඡාවක් පැවැති බවට පළවූ මාධ්‍ය වාර්තාවන්ට ප‍්‍රතිචාර දක්වමින්. 

කෙසේවෙතත් සිය නිවසේ පැවැති විශේෂ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ බව එස් බී දිසානායක මන්තී‍්‍රවරයා පවසනවා. එහිදීද කිසිඳු විශේෂ දේශපාලන සාකච්ඡාවක් සිදු නොවූ බවයි මන්තී‍්‍රවරයා අවධාරණය කරන්නේ.