Thursday, May 9, 2024

General line - 0115112241

ශි‍්‍ර ලංකාව සහ සීෂෙල්ස් අතර ගිිවිසුම් දෙකක්




ශී‍්‍ර ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍යය අතර අවබෝධතා ගිවිසුම් 02ක් අද අත්සන් තැබුණා. ඒ ජනාධිපති මෛති‍්‍රපාල සිිරිසේන මහතාගේ සීෂෙල්ස් සංචාරයේ තවත් අවස්ථාවක් ලෙසයි. තොරතුරු තාක්ෂණ සහයෝගීතාව ඉහළ නැංවීමට අදාළව මෙම එක් ගිවිසුමක් අත්සන් තැබුණා. අනෙක් ගිවිසුම අත්සන් තැබුණේ වෘත්තීය පුහුණූ ක්ෂේත‍්‍රයේ සහයෝගීතාව වෙනුවෙන්.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සීෂෙල්ස් රාජ්‍යය වෙත පිළිගනු ලැබූවේ ආචාර වෙඩි මුර සහිත හමුදා උත්තමාචාරයක්ද සහිතවයි. සීෂෙල්ස් රාජ්‍ය මන්දිරයේදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා එරට ජනාධිපතිවරයා හමුවී සුහද කතාබහකද නිරත වුණා. දෙරට අතර වෙළඳ සහ සංචාරක සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා දක්වන කැපවීම අගය කරන බවද සීෂෙල්ස් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා. එරට මත්ද්‍රව්‍ය නිවාරණය සඳහාද සහය දෙන ලෙයසි සීෂෙල්ස් ජනාධිපතිවරයා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියේ. සිය හමුදාවන් සඳහා ශී‍්‍ර ලංකා හමුදාව යටතේ පුහුණු අවස්ථා ලබා දෙන ලෙසද සීෂෙල්ස් ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලීමක් කළා.