Thursday, May 9, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවේ ආර්ථික ගමන ගැන බි‍්‍රතාන්‍යයෙන් පැසසුම්




ශී‍්‍ර ලංකාවේ අනාගත යටිතල පහසුකම් හා ආයෝජන සඳහා සහය ලබා දෙන බව ලන්ඩන් කොටස් වෙළඳපල පවසනවා. එහි ප‍්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් ස්විමර් කියා සිටියේ ගෝලීය හා දේශීය ස්වභාවික ව්‍යසනයන් හමුවේ වුවද ශී‍්‍ර ලංකාව ආර්ථිකව ශක්තිමත් වෙමින් සිටින බවයි. මෙය අගය කළ යුතු කරුණක් බවද ලන්ඩන් කොටස් වෙළඳපලේ ප‍්‍රධාන විධායක නිලධාරිවරයා පැවසුවා. ඔහු මේ බව පැවසුවේ අද (08) පෙරවරුවේ ලන්ඩන් කොටස්වෙළඳපල විවෘත කිරිම සඳහා ප‍්‍රධාන ආරාධිතයා ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහභාගී වූ අවස්ථාවේදීයි.

සඳුදා පෙරවරු 08 ට විශේෂ ආරාධිතයෙකු ලවා ලන්ඩන් කොටස් වෙළඳපල විවෘත කිරීම අතීතයේ සිට පැවත එන සම්ප‍්‍රදායක් වනවා. ඒ අනුවයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද ලන්ඩන් කොටස් වෙළඳපල විවෘත කළේ. 

ලන්ඩන් කොටස් වෙළඳපල මෘදුකාංග ශී‍්‍ර ලාංකේය තොරතුරු තාක්ෂණ ශිල්පීන් විසින් නිර්මාණය කර තිබීම විශේෂත්වයක් වනවා. එහි එදිනෙදා පරිගණක කාර්යයන් මෙහෙයවීම හා අධීක්ෂණය කිරීමද සිදු කරන්නේ ශී‍්‍ර ලාංකේය තොරතුරු තාක්ෂණ ශිල්පීන් විසින්.