Thursday, May 9, 2024

General line - 0115112241

කැමති උනත් අකමැති උනත් වෙනදේ ගැන මධ්‍යම පළාත් මහ ඇමැති කියයි

රංජිත් රාජපක්ෂ - හැටන්




කවුරුන් කැමතිවුවද අකමැතිවුවද මධ්‍යම පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වන බව එහි ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක පවසනවා. 

පළාත් සභාවේ නිල කාලය අවසන් වුවද මධ්‍යම පළාතේ සංවර්ධනය වෙනුවෙන් තමන් ඇරඹූ ව්‍යාපෘතීන් අවසන් නොවන බවද ප‍්‍රධාන අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ඒ බව පැවසුවේ හැටන් ශ‍්‍රී පාද මධ්‍ය විද්‍යාලයේ අලූතින් ඉදිකෙරුණු ශ‍්‍රවණාගාරය සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් අද පැවැති උත්සවයකදීයි. රුපියල් කෝටි 05ක වියදමකින් මෙම ශ‍්‍රවණාගාරය ඉදිකර තිබෙනවා.