Thursday, May 9, 2024

General line - 0115112241

වර්ධනය වන ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ගැන පැහැදිළි කිරීමක්




බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අද (09) අලුයම 2.00 පමණ වන විට උතුරු අක්ෂාංශ 14.3 සහ නැගෙනහිර දේශාංශ 87.5 ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එය ත්‍රීකුණාමලය සිට කිලෝමීටර් 950ක් පමණ දුරින් ස්ථානගතව ඇති බවයි පෙන්වා දෙන්නේ.

මෙහි බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය අද සහ හෙට දිනවලදීත් තවදුරටත් වර්ධනය වෙනු ඇති බවද සඳහන් කළා.

බස්නාහිර, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද පවසා සිටියා.

දිවයිනේ සෙසු පළාත්වල සවස් කාලයේ වැසි ඇති වීමේ හැකියාවක් ඇති බවත් බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවත් සඳහන් කරනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තද සුළං ද ඇති විය හැකි බවයි වැඩි දුරටත් සඳහන් කෙරුණේ.