Thursday, May 9, 2024

General line - 0115112241

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි - ජනතාවට අවදානයෙන් සිටින්නැයි උපදෙස්




මේ වන විට දිවයිනට ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව දැනුම් දෙනවා.

දැදුරු ඔය, පොල්ගොල්ල ජලාශය, රාජාංගණය සහ ලක්ෂපාන ජලාශවල මෙලෙස වාන් දොරටු විවෘත කර ඇති බවයි සඳහන් කෙරුණේ.

ඒ අනුව ඒ අවට පහත් බිමවල වෙසෙන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි පෙන්වා දෙන්නේ.