Thursday, May 9, 2024

General line - 0115112241

ගෝඨාට එරෙහි නඩුව දිනපතා විභාගයට තීන්දු කරයි (UPDATE)




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ විත්තිකරුවන් 07දෙනාට එරෙහිව පවරා ඇති නඩුව දිනපතා විභාගයට ගැනීමට නියම කර තිබෙනවා.

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙම නඩු පැවරීම සිදු කර තිබෙනවා.

ඒ අනුව 12 වැනි මස 04 වැනිදා සිට අදාළ නඩුව දිනපතා විභාගයට තීන්දු කෙරුණා.

------------------------------

ගෝඨා අදත් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට පැමිණෙයි

(09-10-2018 09:19)

 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත පැමිණ තිබෙනවා.

පසුගිය 10 වැනිදා ති‍්‍රපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එහිදී ඇප හිමිවුණා. ඒ, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන්.

ඊට අදාළ නඩුව කැඳවූයේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ති‍්‍රපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේයි. 

ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ විත්තිකරුවන් 07දෙනාට වෙන්වෙන්ව රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10යේ ශරීර ඇප 02 බැගින් එහිදී නියම කෙරුණා. එමෙන්ම ඔවුන්ගේ විදෙස් ගමන් ද තහනම් කිරීමටයි නියෝග කෙරුණේ.

සිද්ධියට අදාළ නඩුව ඔක්තෝම්බර් 09 වැනිදා යළි කැඳවීමට එදින නියම කෙරුණු අතර ඒ අද (09) දිනයයි.