Friday, September 20, 2024

General line - 0115112241

‘පාද යාත්‍රාවෙන් ඉතිරි වෙන්නෙ වේදනාව පමණයි’




පාද යාත්‍රාවෙන් සිදු වන්නේ දහදිය දැමීම, පිපාසය, බඩගින්න, වේදනාව පමණක් බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

මහනුවරින් හෙට (28) ආරම්භ වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන පාද යාත‍්‍රාව සම්බන්ධයෙන් කොළඹ අද (27) පැවැත් වූ මාධ්‍ය හමුවකදී අමාත්‍ය රාජිත සේනාරත්න මෙම අදහස් දැක්වුවා.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ මෙම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ වරක් එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා සමග දෙවුන්දර සිට කොළඹට පාද යාත්‍රාවකින් තමන්ද පැමිණි බවයි. දසලක්ෂයක පිරිසක් සමග පැමිණියත් එවර මැතිවරණය එක්සත් ජාතික පක්ෂය පරාජය වූ බවද සඳහන් කළා.