Thursday, September 19, 2024

General line - 0115112241

ඩෙංගු මදුරුවන් බෝ කළ 139 දෙනෙකුට නඩු




ඩෙංගු මදුරුවන් බෝ වන පරිදි නිවාස පරිශ‍්‍ර පවත්වාගෙන ගිය 139 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කොළඹ, ගම්පහ, කළුතර, මාතලේ සහ මහනුවර යන දිස්ත‍්‍රික්කවල ඩෙංගු මර්දන වැඩසටහන් කි‍්‍රයාත්මක කෙරුණු බවයි. එහිදී පරිශ‍්‍ර දහඅට දහස් පනස් පහක් පරික්ෂා කෙරුණා.

ඩෙංගු මදුරු කීටයන් සහිත ස්ථාන 294ක් එහිදී සොයා ගැනුණු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.