Friday, September 20, 2024

General line - 0115112241

පාද යාත්‍රාව ගැන ඇමතිගෙන් පොලිස්පතිට උපදෙස්




නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක විසින් පොලිස්පතිවරයාට, ජන සටන පාද යාත‍්‍රාව සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව උපදෙස් දී තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ ජන සටන පාද යාත‍්‍රාව සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී දේශපාලන බලපෑම්වලට යටත් නොවන ලෙසයි.

අද (27) පෙරවරුවේ තමන් සමග කළ සාකච්ඡාවකදී අමාත්‍යවරයා පොලිස්පතිවරයාට මෙම උපදෙස් ලබාදුන් බවයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ.