Friday, September 20, 2024

General line - 0115112241

ජනපති අසත්‍ය කරුණක සත්‍ය පහදයි




පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බෞද්ධාගම පිළිබඳ සඳහන් ඡේද ඉවත් කරමින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකසන බවට ඇතැම් අය පළ කරන අදහස් අසත්‍ය බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මහනුවර ගැටඹේ මහනාම විදුහල් ක‍්‍රීඩාංගණයේ අද (27) පැවති උත්සවයකදී ජනාධිපතිවරයා අවධාරණය කළේ ගෞරවණීය මහා සංඝරත්නයට හෝ බෞද්ධාගමට හානියක් වන කිසිඳු කි‍්‍රයාවක් ආණ්ඩුව සිදු නොකරන බවයි.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් රට බෙදන බවට ඇතැම් අය පළ කරන අදහස් ද ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රතික්ෂේප කළා.  ජාතික පිරිවෙන් දින සැමරුම වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.