Friday, September 20, 2024

General line - 0115112241

මහඇමතිවරුන් පාද යාත්‍රාවට විරුද්ධ වෙයි (PHOTO)




ජන සටන පාද යාත‍්‍රාවට පළාත් සභා නවයෙන් 7 ක්ම විරුද්ධ වන බව ඒවායේ මහඇමතිවරුන් පවසනවා.

ඔවුන් ඒ බව පැවසුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ ඩාර්ලි පාර මූලස්ථානයේ අද (27) පස්වරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා එහිදී සඳහන් කළේ තමන් සමස්ථ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ පක්ෂයට ද්‍රෝහිවන සහ පක්ෂය කඩන මෙම පාද යාත්‍රාවට සම්බන්ධ නොවන ලෙසයි යනුවෙනි. මීට එක්වන පිරිස ද්‍රෝහීන් ලෙස ඉතිහාසයට එක්වනු ඇති බවද පැවසුවා.

8b52ce7c-96ac-4b05-9ed7-fdff9fd67e28