Friday, September 20, 2024

General line - 0115112241

‘සිවිල් වැසියන් 24 ක් ඝාතන නඩුවෙන්’ හමුදාවේ 06ක් නිදහස්




ත‍්‍රිකුණාමලය කුමාරපුරම් ප‍්‍රදේශයේදී සිවිල් වැසියන් 24 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලබා සිටි හිටපු යුද හමුදා සාමාජිකයින් 6 දෙනෙකු අද (27) නිදොස් කොට නිදහස් කෙරුණා.

ඒ, අනුරාධපුර මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුවකට අනුවයි.

වෙන් වෙන්ව චෝදනා 101 ක් මෙම යුද හමුදා සාමාජිකයින්ට ගොනුකර තිබුණා. ඒ සියල්ලටම ඔවුන් නිවැරදිකරුවන් බවයි නඩු විභාගයේදී තීරණය කෙරුණේ.

1996 වසරේ පෙබරවාරි මස 11 වෙනිදා හෝ ඊට ආසන්න දිනකදී අදාළ ඝාතනයන් සිදුව තිබුණා. චෝදනා ලැබූ හිටපු යුද හමුදා සාමාජිකයින් හයදෙනා ඒ වන විට ත‍්‍රිකුණාමලය දෙහිවත්ත යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ අයයි.