Friday, September 20, 2024

General line - 0115112241

විරෝධතා නිසා විඳවන්නේ බස් හිමියන්ලු




පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අද (27) පැමිණිල්ලක් කළා.

ඒ ඉකුත් සමයේ පැවති විවිධ උද්ඝෝෂණ නිසා බස් හිමියන්ට සිදුවූ අපහසුතා පිළිබඳව පෙන්වා දෙමින්. එහිදී හෙතෙම පැවසුවේ ඉකුත් ආණ්ඩුව සමයේ මෙවැනි තත්ත්වයක් ඇති වී නොතිබුණ බවයි.

මේ අාකාරයෙන් සිදුවන අපහසුතා සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ද නඩු පවරන බවයි ගැමුණු විජේරත්න වැඩිදුරටත් කියා සිටියේ.