Friday, September 20, 2024

General line - 0115112241

සූට්කේසයක් පිපිරී ජර්මනිය තැති ගනී




ජර්මනියේ උතුරුදිග බවේරියා හි සින්ඩෝර් නගරය ආසන්නයේ පිපිරීමක් සිදුව තිබෙනවා.

නගරය ආසන්නයේ පිහිටි සංක්‍රමණික මධ්‍යස්ථානයට මීටර් 200ක් පමණ දුරින් සූට්කේස් එකක් මෙලෙස පිපිරීමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

පිපිරීමෙන් කිසිවෙකුට හානියක් සිදුව නැතත් පිපිරුම් හඬින් ජනතාව තැතිගත් බවයි වාර්තා වන්නේ.මේ වන විට ආරක්ෂක අංශ එම ළඟාවී ඇති බව ද එම වාර්තා වැඩිදුරටත් පවසනවා.

ජර්මනියට පසුගිය දා ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ලවීම නිසා මෙම ආරංචියෙන් ද ජර්මානු ජනතාව තැතිගෙන ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

nj