Saturday, September 21, 2024

General line - 0115112241

පාද යාත්‍රාව මාළිගාව අභියසින් නෑ




ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කෙරෙන “ජන සටන” පාද යාත්‍රාව අද (28) පෙරවරු 9.00 ට මහනුවර ගැටඹේ ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මහනුවර දළදා මාළිගාව ඉදිරියෙන් මෙය ආරම්භ කිරීමට නියමිතව තිබුණද අධිකරණ නියෝගය නිසා ගැටඹෙන් ආරම්භ කිරීමට නියමිතයි.

පාද යාත්‍රාව අද මහනුවර ගැටඹෙන් ආරම්භ වී මාවනැල්ල දක්‌වාත් දෙවැනි දිනය වන 29 මාවනැල්ල සිට නෙළුම්දෙණිය දක්‌වාත් තෙවැනි දිනය වන 30 වැනිදා නෙළුම්දෙණිය සිට නිට්‌ටඹුව දක්‌වාත්, සිව්වැනි දිනය වන 31 වැනිදා නිට්‌ටඹුවේ සිට කිරිබත්ගොඩ නගරය දක්‌වාත් පස්‌වැනි දිනය වන අගෝස්‌තු 1 වැනිදා කිරිබත්ගොඩ නගරයේ සිට කොළඹ නගරය දක්‌වාත් ගමන් කිරීමට නියමිතයි.