Saturday, September 21, 2024

General line - 0115112241

දෙකෙන් පස්සෙ කරලා වැඩක් නැහැ




මහනුවර නගරයේදී අද (28) සිදු කිරීමට සළසුම් කර තිබූ තම පක්ෂයේ සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහනද පිළිමතලාව නරගය ආශ‍්‍රිතව සිදු කිරීමට දැනට සැළසුම් කර ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළා.

මෙම සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහන පස්වරු 02.00 න් පසු ආරම්භ කර ඵලක් නොමැති බවත් හෙතෙම පැවසුවා. එවැනි වැඩසටහන් සිදු කරන්නේ නම් පෙරවරුවේ ආරම්භ කළ යුතුව ඇති බවද ඔහු පෙන්වා දුන්නා. නෙත් නිවුස් සමග කළ සංවාදයකදී හෙතෙම මේ බව පැවසුවා.

කෙසේවෙතත් පරාජිත පුද්ගලයින් මහනුවර නගරයට ඇතුලු වී සිදු කරන්නට ගිය ක්‍රියා නතර කරන්නට හැකි වූ බවයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවා.

ඒකාබද්ධ විපක්ෂයේ ‘ජන සටන’ පාද යාත‍්‍රාවට මහනුවර නගරයෙන් ගමන් ආරම්භ කිරීමට අධිකරණය අවසර ලබා නොදීම තමන් ලද ජයග‍්‍රහණයක් බවත් ඔහු සඳහන් කළා.