Saturday, September 21, 2024

General line - 0115112241

‘නිල මෙහෙවර’ ගැටළු රැසකට විසඳුම් දෙයි




ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් පොලොන්නරුව දිස්ත‍්‍රික්කය තුළ සංවිධාන කළ ‘‘නිල මෙහෙවර ’’ ජාතික ජංගම සේවා වැඩසටහනේ සමාප්ති උත්සවය ලබන 30 වනදා පැවැත්වෙනවා.

ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන්.

ජනතා ගැටලු රැසකට මෙහිදී විසදුම් ලබාදීමට හැකිවූ බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ප‍්‍රකාශ කළා.

නිල මෙහෙවර ජාතික ජංගම සේවා වැඩසටහන සඳහා මාධ්‍ය අනුග‍්‍රාහකත්වය ලබාදෙන්නේ නෙත් එෆ්.එම් රේඩියෝවයි.