Saturday, September 21, 2024

General line - 0115112241

ඉන්දියානු ගිලන් රථ සේවය අද ඇරඹෙයි




ඉන්දියානු රජයේ ප‍්‍රදානයක් අනුව සිදු කෙරෙන හදිසි ප‍්‍රතිචාර ගිලන් රථ සේවාවේ පළමු අදියර අද (28) ආරම්භ කෙරෙනවා.

ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විශේෂ උත්සවයකදීයි.

මෙම ව්‍යාපෘතිය හරහා ශ‍්‍රී ලංකාවට ප‍්‍රතිලාභ රැසක් අත්වන බවයි නියෝජ්‍ය විදේශ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ප‍්‍රකාශ කළේ. ඒ අනුව මේ වන විට මෙරට තරුණ තරුණියන් 470 දෙනෙකුට මේ හරහා රැකියා අවස්ථා බිහිවී ඇති බවත් පැවසුවා. ඉන් දෙසියයකට වැඩි පිරිසක් ඉන්දියාවේ පුහුණුව ලබා පරිපූරක වෛද්‍ය නිලධාරීන් ලෙස පත්වීම් ලැබ ඇති බවත් සඳහන් කළා.

එමෙන්ම රියදුරු සහ මෙහෙයුම් ආදී විවිධ අංශවලින් මේ හරහා රැකියා අවස්ථා බිහිවී ඇති බවත් කිසිඳු ඉන්දියානුවෙකුට රැකියා ලබා දී නොමැති බවත් පැවසුවා.