Friday, September 20, 2024

General line - 0115112241

පෞද්ගලික අංශයේ 2500 නොදෙන ආයතන සොයයි




රජය විසින් පෞද්ගලික අංශයේ සේවකයන්ට වැඩි කරන ලද රුපියල් 2500 යේ වැටුප් වැඩි වීම මෙතෙක් ලබා දීමට කටයුතු කර නොමැති ආයතනවලට වහාම නඩු පැවරීමට කටයුතු කරන ලෙස කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න විසින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා.

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප රුපියල් 2500කින් වැඩි කිරීමට අදාළ 2016 අංක 4 දරන අයවැය සහන දීමනාව පනත දැන් රටේ නීතියක් බවත් ඇමතිවරයා පැවසුවා. පසුගිය මාර්තු 23 වෙනිදා සිට මෙම පනත ක්‍රියාත්මකයි. මේ වනවිට මාස 4ක් ගත වී ඇති බවත්  පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිලධාරීන් පුහුණු කර ඇති බවත් සඳහන් කළා. ඒ හේතුවෙන් වටුප් වැඩි වීම නිසිලෙස ක්‍රියාත්මක නොවෙන ආයතන පිළිබඳ විමර්ශනයන් කිරීමටත් තීරණය කර තිබෙනවා.

විශේෂයෙන් බොහෝ පෞද්ගලික අංශයේ ආයතන සහ හාම්පුතුන් මෙම පනතේ යම් විධි විධානවල අඩු පාඩු ගැන කියමින් කල් මරමින් සිටින බවට වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී චෝදනා කර තිබුණා.