Friday, September 20, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් ගැටඹෙට රැස්වෙයි (VIDEO)




ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන විරෝධතා පාද යාත‍්‍රාව තව නොබෝ වේලාවකින් මහනුවර ගැටඹේ ශ‍්‍රී රාජෝපවනාරාම විහාරස්ථානය අසලින් ආරම්භ කිරීමට නියමිතයි.

මේ වන විටත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් විහාරස්ථානය අසලට රැස්ව සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

ගැටඹේ ශ‍්‍රී රාජෝපවනාරාම විහාරස්ථානයේ සිදු කෙරෙන ආගමික වතාවත්වලින් අනතුරුව පාද යාත‍්‍රාව ගමන් ආරම්භ කරනු ඇති.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඩලස් අලහප්පෙරුම, ජනක බණ්ඩාර තෙන්නකෝන්, බන්දුල ගුණවර්ධන, සහ පවිත‍්‍රා වන්නිආරච්චි යන අය මේ වන විට එම ස්ථානයට පැමිණ සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඊට අමතරව විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන සහ උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරුන්ද එම ස්ථානයට පැමිණ සිටිනවා.