Thursday, September 19, 2024

General line - 0115112241

හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති රිමාන්ඩ්




හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ඉන්දික කෝරලගේ මහතා ලබන 13 දක්වා අද (01) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ලබාදුන් නියෝගයකට අනුවයි.

ඉන්දික කෝරලගේ මහතා අද (01) පෙරවරුවේ අතුරුගිරිය පොලීසියට භාර වුණා. ඒ හෝමාගම ගොඩගම ප‍්‍රදේශයේ අවන්හලකට කඩාවැදී පිරිසක් කළ පහරදීමකට සම්බන්ධ බවට එල්ල වන චෝදනාවට අදාළවයි.

ඉකුත් බදාදා රාති‍්‍රයේ අවන්හල තුළ සිදු වූ මෙම පහරදීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබුවා.

පහරකෑමට ලක්වු පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කළේ ඉන්දික කෝරලගේ මහතා සමග පැමිණි පිරිසක් පහරදිම සිදු කළ බවයි.

හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයාගේ අක්‍රමිකතා ගැන නෙත්. එෆ්. එම් බැලුම්ගල වැඩසටහනෙන්ද මීට පෙර සාකච්ඡා කෙරුණා.