Tuesday, April 16, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව තෙවන දිනයේ ඉනිම ගොඩනගයි




සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.

සිය දෙවන ඉනිම ක‍්‍රීඩා කරන ශ‍්‍ර‍්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 142 ක් ලබා සිටිනවා.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 102 ක් ලබා සිටියා. සෙසු පිතිකරුවන් කිසිවෙකුටත් ලකුණු 10 සීමාව පසුකර යාමට හැකිවූයේ නැහැ.

පළමු ඉනිම සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 117 ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලකුණු 203 ක් රැස් කළා.