Saturday, September 21, 2024

General line - 0115112241

“උතුරට ජලය නෑ “- මොරගහකන්දේ අයිතිය ඉල්ලූ විග්නේෂ්වරන්ට පිළිතුරු




මොරගහකන්ද ජලාශය ඉදිකරමින් උතුරට ජලය රැගෙන යාමේ කටයුතු ආරම්භ කළේ උතුර සංවර්ධනය කිරීමට ඇති ප්‍රධානතම ගැටලුව ජලය නොමැති වීම නිසා බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

උතුර වෙනත් රටක් බවට පත්වුණා නම් උතුරට ජලය නැති වෙන බවද අමාත්‍යවරයා දෙමටගොඩ පැවති සුහුරු පුරවර අධ්‍යාපන වැඩසටහනකට එක් වෙමින් අද(28) සඳහන් කළා.

“උතුරේ මහ ඇමති ඇතුළු ගෝත්‍රවාදී අදහස් ඇති අයට කියන්න කැමතියි උතුර වෙනම රටක් වුණා නම් උතුරට ජලය නෑ කියලා” යනුවෙන් අමාත්‍යවරයා එහිදී අවදාරණය කර සිටියා.

මොරගහකන්ද ජලාශයේ ජලය උතුරු පළාතට ලබාදෙන විට එම ව්‍යාපෘතියේ යම් අයිතියක් උතුරු පළාත් සභාවටද ලබාදිය යුතු බවට ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් ජපානයේ ජයිකා ආයතනයේ නිලධාරීන්ගෙන් කළ ඉල්ලීමක් සඳහා ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.