Saturday, September 21, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් ලැබුණු ‘ගිලන්රථ සේවය’ නොමිලේ ලබා ගන්නේ මෙලෙසයි




සියලු පහසුකම් සහිතව නොමිලයේ ලබාදෙන පූර්ව රෝහල් සත්කාරක ගිලන් රථ සේවාවේ මුල් අදියර “ගාලු මුවදොර“ පිටියේදී අද (28) ආරම්භ වුණා.

මෙම සේවාවේ මුල් අදියර සඳහා අනියුක්ත  කර ඇති ගිලන් රථ ප්‍රමාණය 88 ක්.

මුල් පියවරේ දී දකුණු පළාතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ගිලන් රථ සේවාව සති දෙකක කාලයක් තුළදී බස්නාහිර පළාත දක්වා ව්‍යාප්ත කිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය මගින්, ඉන්දියාවේ පුහුණුව ලත් හදිසි සේවා සැපයීමේ වෛද්‍ය කාර්මික ශිල්පීන් 250 ක් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 550 කට අධික පිරිසකට රැකියා අවස්ථා උදාකර ගැනීමට  හැකි වී ඇති බව රජය පෙන්වා දෙනවා.

ඊට අමතරව, නියාමකවරුන් 250 ක් සහ ඇමතුම් මධ්‍යස්ථාන සේවකයින් 50 ක් සඳහා පුහුණුව ලබාදී හදිසි සේවා සැපයීම්, හැසිරවීම් සහ පරිපාලනය සම්බන්ධ දැනුම හා නිපුණතාවය ලබා දීමට කටයුතු කොට ඇති බවයි වාර්තා වන්නේ.

“1990 ” අංකය මගින් පැය 24 පුරාම ඕනෑම දුරකථන ජාලයක් හරහා මෙම ගිලන් රථ සේවය ලබා ගත හැකියි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අවස්ථාවට සහභාගී වෙමින් සඳහන් කළේ පසුගිය වසරේ පැවැති මහා මැතිවරණයේදී ජනතාවට ලබාදුන් ප්‍රතිඥාවක් ඉටුකිරීමට ලැබීම සතුටට කරුණක් බවයි.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මෙහිදී පෙන්වා දුන්නේ මෙම පූර්ව රෝහල් ගිලන් රථ, පූර්ව ආරෝග්‍යශාලා උවටැන් සලසාදීම සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විත වන බවයි.

1da7576f-df00-4025-abe7-f81a76d26180 5f4b4f2f-c84b-4890-a1d8-2fc386c95e35 4649f708-e1cc-4925-9f4a-a0576226d074 01de9f67-bb93-447b-aede-3378f4ddfff9