Saturday, September 21, 2024

General line - 0115112241

හෙළුවෙන් දිවූ සුද්දාට ඊට පස්සේ මොකද වුණේ




ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර  මහනුවර පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගය අතරතුර නිරුවත්ව පිටියට කඩා වැදුණු පුද්ගලයා මේ වනවිට රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔහු නමින් ජේම්ස් ෆිනේ නමැති 27 හැවිරිදි ඕස්ටේ‍්‍රලියානු වඩු කාර්මිකයෙක්.

පෙරේදා (26)තරගය වර්ෂාව හේතුවෙන් මදකට නතර කර තිබූ අවස්ථාවේ මෙම ඕස්ටේ‍්‍රලියානු ජාතිකයා තණතිළි වසා තිබූ ආවරණ මතින් නිරුවතින් දිව ගියා.

පසුව බලගොල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර අතිරේක මහේස්ත‍්‍රාත් ශානක කලංසූරිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සතියක කාලයක් බන්ධනාගාර ගත කිරීමටත් රුපියල් තුන්දහසක මුදල් ඇපයක් පැනවීමටත් නියෝග කළා.

බීමත්ව නිරුවතින් අශෝභන හැසිරීම යන චෝදනා යටතේ මෙම දඬුවම නියම කරන බවයි මහේස්ත‍්‍රාත්වරයා කියාසිටියේ.

තරගයක් අතරතුර පූර්ණ නිරුවතින් පිටිය හරහා දිවයාමට හේතුව අධිකරණයේදී විමසීමට ලක් නොකළ අතර ඒ පිළිබද මෙම ඕස්ටේ‍්‍රලියානු ජාතිකයා විසින්ද ප‍්‍රකාශ කර නැහැ.