Saturday, September 21, 2024

General line - 0115112241

හෙට උතුවන් කන්දට එන්න – මහින්දගෙන් දැනුම් දීමක්(UPDATE)




ඒකාබද්ධ විපක්‍ෂයේ ජන සටන පාද යාත‍්‍රාව හෙට (29) උදෑසන මාවනැල්ල නගර සභාවෙන් පිටත උතුවන් කන්දෙන් ආරම්භ කිරීමට නියමිතයි.

රජය බාධක පැන වූවත් පාද යාත්‍රාව උදෑසන 9 ට උතුවන් කන්දෙන් පටන් ගන්නා බවයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අද පස්වරුවේ සඳහන් කළේ.

මාවනැල්ල ගනේතැන්න නගරයෙන් අද (28) පාද යාත‍්‍රාව නතර කෙරුණා.


පාද යාත‍්‍රාව අදට නිමයි

Jul 28, 2016 @ 17:32

ඒකාබද්ධ විපක්‍ෂයේ ජන සටන පාද යාත‍්‍රාව මාවනැල්ල ගනේතැන්න නගරයෙන් අද (28) නතර කෙරුණා.

මීට පෙර ප‍්‍රකාශ කර තිබුණේ පාද යාත‍්‍රාවේ අද නවාතැන මාවනැල්ල නගරය බවයි.

පාද යාත‍්‍රාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ වුණේ පේරාදෙණිය පාලම අසලින්.