Sunday, May 5, 2024

General line - 0115112241

අවසන් පන්දුවාරයේ එල්ල කළ යෝද හයේ පහරකින් තිසර ජය ගෙනෙයි

කසුන් කැළුම්




බංග්ලාදේශ් පි‍්‍රමියර්ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයකදී අවසන් පන්දුවාරයේදී සුපිිරි පිතිහරඹයක නිරත වෙමින් කොමිල්ලා වික්ටෝරියන්ස් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යාමට තිසර පෙරේරා සමත්වුණා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ප‍්‍රතිවාදීන් වන කුල්නා ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුළු 07ක් දැවී ලකුණු 186ක් රැස් කළා. තිසර පෙරේරා නියෝජනය කළ කොමිල්ලා වික්ටෝරියන්ස් එම ඉලක්කය කඩුළු 07ක් පමණක් දැවී පසුකර ගියේ ඉනිමේ අවසන් පන්දුවාරයේ සිව්වන පන්දුවේදීයි. 

තමීම් ඉක්බාල් මෙහිදී ලකුණු 73ක් රැස් කළා. අවසන් පන්දුවාරයේදී තරගය ජයගැනීම සඳහා කොමිල්ලා වික්ටෝරියන්ස් කණ්ඩායමට ලකුණු 08ක් අවශ්‍යව තිබුණා. කොදෙව් කි‍්‍රඩක කාලොස් බ‍්‍රාත්වේට් යැවූ එම පන්දුවාරයේදී 03වන සහ සිව්වන පන්දුවලට හතරේ සහ හයේ පහරක් එල්ල කරමින් තිසර පෙරේරා සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියා. 

ඔහු පන්දු 07කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 18ක්. මීට පෙර පැවැති තරගයකදීද තිසර පෙරේරා පන්දු 26කදී නොදැවී ලකුණු 74ක් ‍රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූවා.