Saturday, September 21, 2024

General line - 0115112241

සරදියල්ගේ ගමෙන් අද ඇරඹෙන ජනසටන




ඒකාබද්ධ විපක්‍ෂයේ ජන සටන පාද යාත‍්‍රාවේ දෙවන දිනය අදයි. අද (29) පාද යාත‍්‍රාව ගමන් ආරම්භ කරන්නේ මාවනැල්ල නගර සීමාවෙන් පිටත පිහිටි උතුවන්කන්ද ප‍්‍රදේශයෙන්. පාද යාත‍්‍රාවේ පළමු දිනයේ ගමනාන්තය වුයේ මාවනැල්ල නගරයයි. එහෙත් අධිකරණ නියෝගය හේතුවෙන් මාවනැල්ල නගර සීමාවට ආසන්න ගනේතැන්න ප‍්‍රදේශයෙන් එය නිමාවට පත් කිරීමටයි සිදුවුණේ.

ජන සටන පාද යාත‍්‍රාව මාවනැල්ල නගරයට ඇතුළුවීම වළක්වාලමින් මාවනැල්ල අධිකරණය ලබාදී තිබූ නියෝගය ඉවත් කර ගැනීම සදහා ඒකාබද්ධ විපක්‍ෂයේ පිරිසක් ඊයේ මෝසමක් ඉදිරිපත් කළද එයද ප‍්‍රතික්‍ෂේප වුණා. කෙසේ වෙතත් පාද යාත‍්‍රාව කෑගල්ල නගරයට ඇතුළුවීම වළක්වාලන ලෙස ඉල්ලා පොලීසිය කෑගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් මහේස්ත‍්‍රාත්වරයා ඊයේ ඉවත දැමුවා.

අද උදෑසන ආරම්භ වන ජන සටන පාද යාත‍්‍රාවට ඒකාබද්ධ විපක්‍ෂයේ සියලූ මන්තී‍්‍රවරුන් සහභාගි වන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සොයිසා සදහන් කළේ.