Saturday, September 21, 2024

General line - 0115112241

අලුතින් හැදෙන ව්‍යවස්ථාවේ බුදු දහමට හිමිතැන ගැන රහස හෙළිවෙයි




නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එල්ලවන විවිධ චෝදනාවල කිසිදු සත්‍යතාවක් නැතැයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව පවසනවා. එම කමිටු වාර්තාව සකස් කර දැන් රජයට භාරදී අවසන්.

මීළඟට සිදුවන්නේ කුමක්ද ? ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති ලාල් විජේනායකගෙන් නෙත් නිවුස් විමසා සිටියා.

රාජ්‍ය ප්‍රජාතන්ත්‍රකරණය, ජාතික සංහිඳියාව, මූලික අයිතිවාසිකම්, ආන්තික කොටස් සමාජගත කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත්කොට ඇතැයි ඔහු පැවසුවා.

එමෙන්ම නව ව්‍යවස්ථාව ජාතිවාදි යැයි පවසන කතාව අසත්‍ය බව පවසන සභාපතිවරයා දැනට බුද්ධාගමට හිමි තැන වෙනස්කරන්න යැයි කිසිදු යෝජනාවක් එහි නැතැයි පවසනවා.