Saturday, September 21, 2024

General line - 0115112241

ජනපතිගේ ප්‍රඥාවට කැනඩාවෙන් පැසසුම්




විභාග මෙන්ම දරුවන්ගේ ජීවිතද සමත් කළ යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා පැවසුවේ දරුවන් මනා ශික්‍ෂණයෙන් යුත් විනය ගරුක පරපුරක් ලෙස ගොඩනැගීමට දරුවන් සහ දෙමව්පියන් කැප විය යුතු බවයි. මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට ඊයේ (28) පස්වරුවේ එක්වෙමින්.

මේ අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රඥාවන්ත නායකයෙක් බව දිවයිනට පැමිණ සිටින කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆාන් ඩියෝන් පවසා තිබෙනවා. ඒ, ජනාධිපතිවරයා මුණගැසුනු අවස්ථාවේදීයි. ශී‍්‍ර ලංකාවේ අධිකරණ පද්ධතිය ශක්තිමත් කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සවිමත් කිරීමට ගෙන ඇති පියවර පිළිබදව මෙහිදී කැනඩා විදේශ අමාත්‍යවරයාගේ ප‍්‍රශංසාවට ලක් වුණා.